වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ නිදහස් කර ගැනිමට හැකි බවත් එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනිම සදහා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරිමට එකඟතාව පළ කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එම මුදල් නිකුත් කිරිම අද සිට සිදු කිරිමට නියමිතය.
මේ අතර විනිමය අනුපාත ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...