රාජ්‍යය සේවා කොමිසම හෝ වෙනත් ආයාතනයකින් කරණු ලැබූ බලපෑමක් මත සෞඛ්‍යය ලේකම්වරයා විසින්, කාන්තාවන්ට වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනාව මත ඇප මත සිටින වෛද්‍යය සාෆිට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳව කුරුණෑගල රෝහලේ රෝහල් අධ්‍යයක්ෂකවරයාගෙන් නිදහසට කරුණු විමසීම පිළිබඳව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.
ඒ අනුව සෞඛ්‍යය ලේකම්වරයා ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය පිළිබඳව ජාතික සංවිධාන වල මතය අප විසින් විමසනු ලැබූවෙමු.
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්, ” සාෆි නැමැති වෛද්‍යයවරයා මව් වරුන්ගේ කැමැත්ත නොමැතිව වඳ සැත්කම් කිරීම පිළිබඳව චූදිතයෙක් . ඔහු එම චෝදනා වලින් උසාවියෙන් නිදහස් කර නැහැ. ඔහු ඉන්නේ ඇප පිට.එම නඩුව වෛද්‍යයවරයෙකුගේ මූලික ආචාර ධමර් වලට අදාලයි.ඊට අදාලව වෛද්‍යය සභාවෙත් පැමිණිල්ලක් විභාග වෙනවා. එම කටයුතු අවසන් වන තුරු ඔහුව සේවයේ පිහිට වීමට හිඟ වැටුප් ගෙවීම සඳහා නියෝග කිරීමේ බලයක් සෞඛ්‍යය ලේකම්ට හෝ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයාට නැහැ. දැනට ගෙන ඇති විනය ක්‍රියා මාර්ග වල අඩු පාඩුවක් තිබේ නම් ඔවුන් කළ යුත්තේ ඒ බව අදාළ පාර්ශව වලට දන්වා මූලික පරීක්ෂණයේ සාක්ෂි මගින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමයි.බලපෑම් වලට යට වෙලා රෝගීන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරීම දැඩි ලෙස හෙලා දකිනවා.”
සෞඛ්‍යය ලේකම්වරයා ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යයක්ෂකවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපිය…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...