දේශීය පුවත්

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි. වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට වර්ථමාන ආණ්ඩුවට සමීප කණ්ඩායම්වල භික්ෂූන්, දේශපාලනඥයන්, විවිධ මාධ්‍ය ආයතන ආදී විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය රට තුළ මහතා ආන්දෝලනයක් ඇති කිරීමටත් ජාතිවාදය ඇවිළවීම සඳහාත් මෙම සිදුවීම පාවිච්චි කරන ලදි.

ඔහුට චෝදනා එල්ල කරනු ලැබූවන් අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍යවරු මෙන්ම කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියෙකු සිටි බවද පැවසේ. මේ කණ්ඩායම් වල සහය ලැබූ මව්වරුන්ම වෛද්‍ය එස්. එස්. එම්. සාෆි මහතා විසින් තමන් වඳභාවයට පත්වූ බවට චෝදනාත් එල්ල කළ අතර විශාල පිරිසක් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

මෙම චෝදනා මැතිවරණයක් ඉලක්ක කර ජාතිවාදී ප්‍රචාරණයක් වෙනුවෙන් පාවිච්චි කළ බවට විවේචන පැවති අතර ඒ දිනවල මාධ්‍ය තුළ විශාල පුවත් මැවූ නමුත් එම අපහසුතාවයට ලක්වූ කිසිවෙකු අධිකරණයට ගොස් අදාළ වැරදි ඔප්පු කිරීමට මේ දක්වා කටයුතු කර නැතැයිද පැවසේ. වෛද්‍යවරයා දිගු කලක් සේවයෙන් ඉවත්ව තැබීම නිසා ඔහුගේ සේවය කුරුණෑගල ශික්ෂණ රෝහලට අහිමි වූ අතර අද ලැබුණ තීන්දුවෙන් පසු වෛද්‍ය ෂාෆි නැවත වැඩ අරඹනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More