රාජ්‍ය ගෑස් සමාගම (ලිට්‍රෝ) ගිලගැනීමේ චෞර උත්සාහය ජනතාව බිල්ලටදී හෝ ලඟාකර ගැනීමට ගන්නා කූඨ උත්සාහය පරාජය කල යුතුම බව ජාතිමාමක ජනී ජනයා මනා අවබෝධයෙන් වටහාගතයුතු අවසන් හෝරාව ලඟාවී තිබේ.
රටේ ගෑස් අවශ්‍යතාව උපරිම වූ මේ උත්සව සමය වනතෙක් කල්යල් බැලූ මේ චෞර නඩය රජ්‍ය ගෑස් සමාගමේ කීර්තිනාමය විනාශ කොට ජන මනස බියවද්දමින් නියමිත ජ්‍යාත්‍යන්තර සහ දේශීය තත්ව සහතික සහිත ගෑස් නෞකා දෙකක් රට තුලට පැමිණ තිබියදීත් රටට ගොඩබා නොගෙන රටේ විශාල ගෑස් අර්බුදයක් ඇතිකරමින් මේ දියත් කරනු ලබන සාහසික ක්‍රියාව දිගේලි වන්නේ ලිට්‍රෝ සමාගම ලාෆ් ගෑස් සමාගමට නතුකර දීමේ කූඨ උත්සාහයක් දැයි සැකසංකා මතුවන්නේ මේවනතෙක් සිදුකරන ලද පහත දැක්වෙන තොරතුරු අපක්ෂපාතීව, අවබෝධයෙන් නිරීක්ෂණය කිරීමෙනි.
ලිට්රෝ ගෑස් ආයතනය මගින් මෑතකදී ගෙන්වන ලද EPIC BALTA LPG නෞකාවේ ඇති Ethyl Mercaptan සංයුතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නියමිත ප්‍රමිතියට නොමැති බව තහවුරු කිරීමෙන් පසුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නැවත හරවා යවන ලෙස දන්වා සිටිය ද එය සත්‍ය තොරතුරු පහත පරිදි අනාවරණය වී ඇත .
LPG වල අන්තර්ගත Ethyl Mercaptan සංයුතිය ප්‍රකාශ කිරීමේදී එම LPG වාෂ්ප වල පවතින හෝ LPG ද්‍රව්‍යයේ පවතින Ethyl Mercaptan සාන්ද්‍රනය වෙන වෙනම ප්‍රකාශ කරයි .එහිදී LPG වාෂ්ප කලාපයේ පවතින Ethyl Mercaptan සාන්ද්‍රනය මෙන් ආසන්න වශයෙන් තුන් ගුණයක් LPG ද්‍රව කලාපයේ Ethyl Mercaptan පවතී . මෙය ASTM D5305 – 12 දරණ ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ පැහැදිලිව ම සඳහන් වේ .ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති SLS 712 ප්‍රමිතියට අනුව LPG ද්‍රව කලාපයේ තිබිය යුතු Ethyl Mercaptan සංයුතිය අවම වශයෙන් 14 ppm වේ .
එය පැහැදිලිවම ද්‍රව කලාපයේ ලෙස සඳහන් වී තිබුණ ද CBI/31/12/2021 Interteck ආයතනය මගින් අදාල අදාළ නෞකාවට අදාළව නිකුත් කරන ලද රසායනාගාර පරීක්ෂණ වාර්තාවට අනුව LPG වාෂ්ප කලාපයේ Ethyl Mercaptan සාන්ද්‍රණය 10 ppm සඳහන් වී ඇති අතර එය ද්‍රව කලාපයට අදාළ සාන්ද්‍රනයට පරිවර්තනය නොකර ප්‍රමිතියේ ඇති ද්‍රව කලාප සීමාව සමඟ සංසන්දනය කර තීරණ වලට එළැඹ ඇත.
එහෙත් සත්‍ය වශයෙන්ම LPG වාෂ්ප කලාපයේ ඇති Ethyl Mercaptan 10 ppm අගය ද්‍රව කලාපයේ දී ආසන්න වශයෙන් 30 ppm අගයට ආසන්න අගයක් ගනී . මෙය SLS 712 ප්‍රමිතියේ ඇති අවම අගය වන 14 ppm අගයට වඩා වැඩි අගයක් ඇති බව පැහැදිලිය. එනිසා පැහැදිලි ලෙසම මෙහි දෝෂයක් සිදුවී ඇති අතර, එකී වැරදි තීරණ වලට පැමිණීමට ප්‍රථම අදාළ ප්‍රමිතීන් නිවැරදිව පරිශීලනය හෝ අදාළ විශේෂඥයන්ගෙන් කරුණු විමසා නොකිරීම විමතියට මෙන්ම නිලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු ඉතා වැදගත් කරුණකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...