දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් සකස්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.

එක්සත් ජාතීන්ගේ අරමුදල හා පළාත් පාලන පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය එක්ව පළාත් හතරක මහජන නියෝජිතයන් 280 ක් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ දෙවැනි දිනයට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මැතිවරණ කොමිසමට යැවීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සකස්කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය. මෙම අවස්ථාවට පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්. එම්. එම්. බී. වීරසේකර, පළාත් පාලන පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ඞී. එම්. සූරතිස්ස යන මහත්වරුන් හා ඌව පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More