දේශීය පුවත්

රසායනික පොහොර භාවිතය මඟින් මිනිස් සිරුරට සිදුවන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්යය සාධක බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

අදාළ කාර්යය සාධක බළකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත් මෙහිදි අවධාරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට යෝජනා වී තිබේ.

මේ වන විට මෙරට දිස්ත්‍රික් 16ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති අතර ගෙවුණු වසර කිහිපය තුළ එහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් මෙහිදි අනාවරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් සියයට 95ක් පමණ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පවුල්වල පිරිස් බව ද සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More