ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන නියාමනය සඳහා මුලික වී ක්‍රියා කරණ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් බලපෑම් එල්ලවන බව වාර්තා වේ.
රාජා ගුණරත්න මහතාගේ සේවය ඉහළම රාජ්‍යය බලධාරින් විසින් පත්‍රිකාවක් මගින් දීර්ඝ කිරීමට සූදානම් වන අවස්ථාවේදී මෙලෙස දිගින් දිගටම බලපෑම් එල්ලවන බවද වාර්තා වේ.
රාජා ගුණරත්න මහතාගේ ධූර කාලය 2021 නොවැම්බර් 07 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ලබාදුන් ආවරණ ලිපියකට අනුව ඔහුගේ සේවය දිගටම ලබා ගෙන තිබූ බවද වාර්තා වේ.
කෙසේ වුවද ආරක්ෂක ලේකම් කාර්යාලය යටතේ තිබුණු රාජ්‍යය නොවන සංවිධාන නියාමනය කිරීමේ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විදේශ අමාත්‍යාංශය යටතට මාරුවීමත් සමඟ නීතිඥ රාජා ගුණරත්න මහතාගේ සේවය දීර්ඝ කිරීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමටද සිදු වී ඇති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම බලපෑම් පිටුපස ප්‍රධාන පෙලේ විදේශ රටක්ද වන බව වාර්තා වේ.
නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් මෙරට ලියාපදිංචි වී ඇති දෙස් විදෙස් රාජ්‍යය නොවන සංවිධාන තිස් දහසම නියාමනය කිරීම සඳහා දැනට පවතින පනත කිසිසේත් සුදුසු නොවන බව පෙන්වා දී එම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍යය පනත් කෙටුම්පත සකස් කිරීමටද කටයුතු කර තිබුණි.
මෙහිදී රාජා ගුණරත්න මහතා පෙන්වා දී ඇත්තේ විදේශ රාජ්‍යය නොවන සංවිධාන පාලනය කිරීමේ බලයක් මෙරට අධිකරණයට බලයක් නොමැති බවයි. ඔහුගේ මතයට මෙරට ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන 33ක් විරෝධය පළ කර තිබූ බවද වාර්තා වේ.
රාජ්‍යය නොවන සංවිධාන පනත 2004 සිට වෙනස් කිරීමට උත්සහා ගත්තද විවිධ හේතු නිසා එය වැලැක්වී තිබුණි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු විමර්ශන කටයුතු වල යුදුනු බුද්ධි අංශ වාර්තා කර තිබුණේ හඳුනා ගත් සංවිධාන විසි ගණනක් ඇතුළුව බොහෝ රාජ්‍යය නොවන සංවිධාන කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව රාජ ගුණරත්න මහතා රාජ්‍ය නොවන සංවිධාන පනත් සංශෝධනයට අවශ්‍යය පියවර ගැනීමේදී බුද්ධි අංශ වාර්තාද අවධානයට ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...