දේශීය පුවත්

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයකු හා ඉහළ පෙළේ රාජ්‍යතාන්ත‍්‍රිකයකු වන රාජා එදිරිසූරිය මහතා නව සභාපති තනතුරේ වැඩ ආරම්භ කිරීම අද (15දා) කොළඹ ලෝක වෙළෙ`ද මධ්‍යස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු කෙරේ.

ඒ මහතා මේ වන විට කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි.

රාජා එදිරිසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි රට්ගර්ස් විශ්වවිද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පංතියේ විශේෂ උපාධියක් ලබා ඇත. කැලිෆෝනියාවේ ලා වර්න් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද ලබා ගෙන ඇති එදිරිසූරිය මහතා කැලිෆෝනියාවේ වෘත්තීය වශයෙන් ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවකු ලෙස වසර 16 කට ආසන්න කාලයක් කැලිෆෝනියාවේ චිනෝ නගරයේ පරිපාලක සහ නගර ඉංජිනේරු යන තනතුරු දරා ඇත.

එදිරිසූරිය මහතා 2006 වසරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙසත්, 2009 වසරේ මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති ලෙසත් කටයුතු කර ඇත. මීට අමතරව බ‍්‍රසීලය, පේරු, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ සූරිනාම් යන රටවල ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද රාජා එදිරිසූරිය මහතා කටයුතු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More