දේශීය පුවත්

පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී අදාළ වැඩසටහන පවත්වා තිබුණි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි බව වාර්තා වේ.

රට තුළ ආහාර සුරක්ෂිතාව පවත්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්ත සංවර්ධනය, නිෂ්පාදනය පුළුල් කිරීම, අපනයනය වර්ධනය සහ ආයෝජන වැඩිකර ගැනීම යන කුරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් “අද දෙරණ” ට පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,

“මෙවර අයවැය යෝජනා අනුව විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් විශාල මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ව්‍යාපෘති ඉතාමත්ම හොඳින් සංවිධානාත්මකව විශේෂයෙන්ම ඉලක්ක කාලවකවාණු අනුව ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් තමා අද මුදල් අමාත්‍යවරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ඒවගේම අමාත්‍යාංශ ලේකම්වරුන්ටත්, රාජ්‍ය ලේකම්වරුන්ටත් වගේම විශේෂයෙන්ම දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ගරු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් උපදෙස් ලබාදීමක් සිද්ද කරා. ඒ ඒ අමාත්‍යාංශ මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන වසරේ ක්‍රියාත්මක වන වැඩසටහන් මොනවා ද යන්න ඉතාමත් ක්‍රමානුකූලව පැහැදිලි කර ඒ අනුව මුදල් වෙන්වෙන අයුරු මුදල් අමාත්‍යවරයා හා අමාත්‍යාංශවලින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැහැදිලි කිරීම් කළා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More