පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුව ඊයේ (14) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ අනාවරණ තොරතුරු, ප්‍රහාරයට පෙර ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටි බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම් ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඊයේ(14) අට වන දිනටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
මෙහිදී සාක්ෂි ලබාදීමට පැමිණි යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවති ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර මුල් කාලයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් ජනපතිවරයා සතිපතා පැවැත්වූ නමුත් පසුව මාස්පතා පැවති බවත්, අවසාන කාලයේ ජනාධිපතිවරයා කැඳවන අවස්ථාවලදී පමණක් පැවැත්වූ බවත් ප්‍රකාශ කළේය.
ඒ මහතා අධිඅකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු දක්වමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තෙක්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාට ඒ පිළිබඳ ලද තොරතුරු පිළිබඳ දැනුවත් නොකළ බවද අධිකරණය හමුවේ අනාවරණ කළේය.
“ස්වාමීනි..පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුව පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කර අරලියගහ මන්දිරයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මම සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ. ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් රැස්ව සිටියා. මා ඔවුන්ට දැනුම් දුන්නා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා සියලුදෙනාට අරලියගහ මන්දිරයට එන්න කිව්වා කියල. ඒත් කිසි කෙනෙක් නැගිට්ටේ නැහැ. පසුව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසුවා. එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා මට කිව්වා අගමැතිතුමා කැඳවන කිසිම රැස්වීමකට සහභාගි වෙන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා කියලා. එම ස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධනත් හිටියා.මම ඔහුගෙන් ඇහුවා ප්‍රහාරය ගැන තොරතුරු මට කලින්ම දැනුම් නොදුන්නේ ඇයි කියලා. එම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන කිව්වා තොරතුරු දෙන්න බැරි වීම ගැන සමාවෙන්න කියලා.” යැයි රුවන් විජේවර්ධන මහතා පැවසීය.
“සහරාන් හෂීම්” පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡා වී තිබේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළ විට විජේවර්ධන මහතා පැවසුවේ අවස්ථා දෙකකදී පමණ සාකච්ඡා වී ඇති නමුත් තමා සිටි රැස්වීම්වලදී සහරාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාකච්ඡා නොවූ බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...