යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම මැයෙන් ඊයේ (14) ඇහැලියගොඩ දී සංවිධාන කෙරුණු මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිවාරය අමතමින් නිව් ෆෝට්‍රස් සමාගමට ශ්‍රී ලංකා රජයෙන් අගතියක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ අයිතිය යුගදනවි ගිවිසුම හරහා පිළිගෙන ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ
“මේ විවෘත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරි 18 වෙනිදාට ණය වාරිකවල පළමු කොටස ලෙස ඩොලර් මිලියන 500ක් ගෙවන්න ඕන. මාසයකට අවශ්‍යය තෙල්වල වියදම ඩොලර් මිලියන 300කට වඩා වැඩියි. විදේශ සංචිත අගය ඩොලර් බිලියන එකයි දශම ගණනක් තියෙන්නෙ. ඇත්ත ඩොලර ගනන ඩොල්‍ර මිලියන 700යි. ඒ ඩොලර මිලිය්න 700න් ඩොලර මිලියන 300ක් දුන්නොත් තෙල් ගීන්න ඒ ප්‍රමානය ඩොලර් මිලියන 400ට බහිනවා. අපේ පුංචි බණ්ඩා ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ. කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ. මොකද අවුරුදු 20කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔඅය කියන ක්‍රමයට අරගෙන ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ. යම්කිසි විදියකින් නිව් ෆෝට්‍රස් සමාගමට අගතියක් වුණොත් ශ්‍රී ලංකා රජයෙන් ඒ සමාගමට අයිතිය ලබාදීලා තියෙනවා අමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, වගේ රටවල් හරහා ලංකාවට සම්බාධක පනවන්න. ඒ ගිවිසුමේ එහෙමම තියෙනවා. ඒවා අපි අපේ නිරීක්ෂණවලින් පෙන්වලා තියෙනවා මේක බරපතළ කාරණයක් කියලා. දැන් ඒ පරස්පරතා ගැන සාකච්ඡාව ඇමති මණ්ඩලය තුළත් සිද්ධ වෙනවා. මේකත් මේ රටේ අමාරු වෙලාවක්. ඒ අමාරු වෙලාවේ දී අපිට යන්න වෙන රටක් නෑනේ. අපි මොකෝ අවුල් නම් වෙන කොහේ හරි යන්න ද ? අපිට තියෙන්නේ මේ රට. ඒ නිසා අපට මේ තියුණු අර්බුදය හමුවේ මේ රට හරි මාවතට රැගෙන ඒම සඳහා කර ගහන්න ඕනෑවටත් වඩා පුළුවන්කම තියෙනවා. ඒ යුතුකම වගකීම අපි ඉටුකරනවා කියන සහතිකය තමුන්නාසේලාට දෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...