නීතිපතිවරයා විසින් චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකාවේ පොහොර සමාගම් දෙකක් අතර ඇතිවී තිබෙන වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි “වාණිජ කොන්දේසි” මත සමථයකට පත් කර ගත යුතු යැයි උපදෙස් දී ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පැළෑටි නිරෝධායන සේවය චීනයේ ක්වින්දා-ඕ-බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොරවල බැක්ටීරියාවක් ඇති බවට එහි නියැඳි පරීක්ෂාකළ නිගමනය කිරීමෙන් අනතුරුව එම පොහොර තොගය බාර නොගැනීමට මෙරට පොහොර සමාගම් තීරණය කරණු ලැබීය.
කෙසේ වුවද එම තීරණයට එකඟ විය නොහැකි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මෙරටට දැනුම්දුන් අතර චීන සමාගම පැවසුවේ අදාළ පොහොර සාම්පල තෙවැනි පාර්ශ්වයකින් පරික්ෂා කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ම් ඔවුන්ට වන්දි ගෙවිය යුතු බවත් අදාළ චීන සමාගම මෙරටට දන්වා සිටියේය.
මේ අතර දින කිහිපයක් දිවයින වටා මුහුදේ සැරිසරමින් තිබූ චීන පොහොර නෞකාව පසුගිය 4 වනදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා පල විය.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් නීතිපතිගෙන් ලැබුණු උපදෙස් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය අද (14) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ “චීනයේ ක්වින්දා-ඕ-බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත්කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත,” යනුවෙනි.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමුකළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇති බව එම නිවේදනය මගින් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...