ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබන හෙද සේවා කණ්ඩායම ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ඉහළම ජයග්‍රහණයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෙද නිලධාරීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකු ම ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව ඇත්තේ 66%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් බවද වාර්තා වේ.
මේ අතර ස්වාධීනව තරග කරන ලද කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා ද සොයිසා මහත්මියද ජයග්‍රහන්ය ලබා ඇති බව වාර්තා වේ.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 18% ක ප්‍රතිශතයක් සහ සමන් රත්නප්‍රිය මහතා මෙහෙයවන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 16% ක ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකා හෙද සභාවට තවත් ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් නිලවරණ පවත්වා සාමාජිකයන් හය දෙනකු තෝරා ගන්නා අතර නිල බලයෙන් තවත් ක්ෂේත්‍ර නියෝජනය කරන අටදෙනෙකු පත් වෙයි.
සමස්ත හෙද සභාවේ නියෝජනය වන්නේ දහ නව දෙනෙකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...