පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව ඊයේ (13) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙතැයි පෙර ලද බුද්ධි තොරතුර ප්‍රහාරය එල්ල වන තුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යුද හමුදාවට දැනුම් දී නොතිබූ බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ(13) කොළඹ මහාධිකරණයේදි හත්වන දිනටත් කැඳවනු ලැබීය.
යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා තම සාක්ෂි මගින් අනාවරණ කරණු ලැබුවේ තමා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා කලාපය පිළිබඳව අවස්ථා කිහිපයකදී ම එවක ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබූ බවත්, ඔහුගේ සංවිධානයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව තමා ලිපි 9ක් මඟින් ලිඛිතව දැනුවත් කර තිබූ බවත්ය.
එහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරක් ප්‍රහාරයට පෙර තමන්ට ලැබුනේදැයි විමසූ විට යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසුවේ ප්‍රහාරයට පෙර එවැනි බුද්ධි තොරතුරක් තමන්ට නොලැබුණු බවය.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා “ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 04 වන දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු විදෙස් බුද්ධි තොරතුරට අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ඔබට ලැබුණාද?” යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා පවසා සිටියේ එවැනි ලිපියක් නොලැබුණු බවයි. ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමටද තමා සහභාගි වූ බවත් එම රැස්වීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාත් සහභාගී වී සිටි බවත් පවසා සිටි බවද ඔහු අවධාරණය කළේය. නමුත් අප්‍රේල් 04 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී නිලන්ත ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කළේ නැති බව අධිකරනය හමුවේ ප්‍රකාශ කළේය.
එහිදී විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“අප්‍රේල් 09 වෙද්දි ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කරන්න තිබුණා. ඊට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. අනික බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. කෙසේ නමුත් බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී රාජ්‍ය ආයතන අතර එතරම් සහයෝගයක් තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවය වෙතින් ද එවැනි සහයෝගයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් නිලන්ත ජයවර්ධන මහතා එවක සිටි ජනාධිපතිවරයාට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් වෙච්ච අපි හැමෝටම අවබෝධයක් තිබුණා.” යනුවෙන් පවසා සිටියේය.
හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් සිදුකළ සාක්ෂි විමසීම ඊයේ දිනයෙන් අවසන් බව අධිකර්නය ප්‍රකාශ කරණු ලබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...