ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේත් පළමු වතාවට කැබිනට් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් විසින් කැබිනට් පත්‍රිකාවක් නිසි ආකාරයට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකෙරුනු බවට අධිකරණට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එල්.එන්.ජී. ගෑස් සැපයුම ඇමෙරිකානු නිව් ප්‍රේට්‍රෙස් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් දැනටම ත් විවිධ පාර්ශ්ව අධිකරණයට ගොස් ඇති බවත් ලෝක ඉතිහාසයේ පළමු වරට කැබිනට් මණ්ඩල සාමාජිකයන් තිදෙනක් එම කැබිනට් පත්‍රිකාව විධිමත්ව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවුනු බවට නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇති බවත්, ඒ අනුව අධිකරණය මේ සියලු කරුණු සලකා බලා ඉදිරියේදී තීන්දුවක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...