වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වුවහොත් ජනාධිපති ලේකම් ධුරයට එස්. අමරසේකර මහතා පත්කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපති එස්. අමරසේකර මහතා පවසා සිටියේ ජනාධිපති ලේකම් ධුරය තමාට භාරගන්නා ලෙස කිසිවෙක් තමාට යෝජනා කර නැති බවයි.
කෙසේ වුවද එස්. අමරසේකර මහතා මේ මස 31 වැනිදාට පෙර ශී‍්‍ර ලංකාවට කැඳවා ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන අමරසේකර මහතා පවසා සිටියේ තමාව ශ්‍රී ලංකාවට කැඳවීමට හේතුව තමා නොදන්නා බවයි.
වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට එල්ල වී ඇති චෝද්නා හේතුවෙන් ජයසුන්දර මහතා ඉල්ලා අස්වුවහොත් ජනාධිපති ලේකම් ධුරයට එස්. අමරසේකර මහතා පත්කරන බවට පුවත් පැතිර යමින් පවතී. කෙසේ වුවද අමර්සේකර මහතා පවසන්නේ තමාට එවැනි යෝජනාවක් කළත් තමාට එවැනි තනතුරක් භාර ගැනීම සඳහා ප‍්‍රමාද වැඩි බවයි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන ආරංචි සත්‍යය නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...