ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල මහතා, අදාළ රාජකාරිවලින් තමන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. එසේම ආයෝජන මණ්ඩලය සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද ඔහු එහිදී වැඩිදුරටත් එහිදී ඉල්ලා ඇති බවද වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.
අතිගරු ජනාධිපතිතුමා සමඟ මේ සතියේ පැවැත් වූ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා සිය දූරයෙන් ඉවත් වීමේ බලාපොරොත්තුව නැවතත් ජනාධිපතිතුමාවෙත ඉදිරිපත් කර තිබිණි.
පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පරිවර්තනයට දායකවීමට විදේශ ආයෝජන ප්‍රවර්ධනය නොකඩවා කරගෙන යෑම සඳහා කල ඉල්ලීම පිළිබඳවත්, තමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය කෙරෙහි ඉහළම විශ්වාසයක් තැබීම පිළිබඳවත්, තමන් කෘතඥ වන බවද සභාපතිතුමා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, සභාපතිතුමා තම රාජකාරිවලින් නිදහස් වීමට ඇති කැමැත්ත අතිගරු ජනාධිපතිතුමාට නැවතත් ඉදිරිපත් කර ඇති අතර, දශකයක් තුල දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජකයින්ට ලබා දෙන සේවාවන් තවදුරටත් තීව්ර කිරීමට දැනටමත් ගෙන ඇති ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට නව නායකත්වයක් පත් කරන ලෙස ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.
කෙසේ වුවද ආයෝජන මණ්ඩල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පසුගිය සතියේ දී තීරණය කර තිබුණ ද අදාළ ඉල්ලා අස්වීම් භාරගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...