මහනුවර, කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක පසුගිය පළමුවනදා සිදුවූ ගෑස් ලිප පුපුරායාමෙන් සිදුවූ අනතුරෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය 10 වනදා මියගොස් ඇති බව වාර්තා වේ.
මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඇයගේ මිය යාම තහවුරු කරමින් පවසා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවක් බවත් ඇය කුන්ඩසාල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිට ඇති බවත්ය.
කෙසේ වුවද පල්ලේකැලේ පොලීසිය පැවසුවේ ගෑස් අනතුර නිසා එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතත් අනතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ කරගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද කුන්ඩසාලේ පොලීසිය පවසා සිටියේය.
මේ අතර වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පෙරීදා (11) පස්වරුවේ පුපුරා ගොස් තිබුණු අතර පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප පුපුරා යාමෙන් ඊයේ (12) තවත් අනතුරක් සිදුව තිබුණි.
හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයාය, සූරියවැව, විහාරගල, වලස්මුල්ල සහ කන්තලේ ආරියවංශ මාවත යන ප්‍රදේශවලින් ද ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...