දේශීය පුවත්

කොළඹදී ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ පල්බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බවයි. වෙළෙඳ අමාත්‍යයවරයා ලෙස තමාට බඩු මිළ අඩු කළ හැකි නම් එසේ කරණ බවද පවසා සිටියේය. ජනතාවගේ සහ විපක්ෂයේ අනුමැතිය ලැබෙනවානම් අයි එම් එෆ් ණය ගැනීමට තමාගේ විරුද්ධත්වය්ක් නැති බවද පවසා සිටියේය.

උත්සව සමය වෙනුවෙන් හෙට සිට සතොස හරහා අඩු මිලට භාණ්ඩ රැසක් ලබාදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

“පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ. උත්සව සමය නිසා හෙට සිට සතොස හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන් සම්බා කිලෝවක් රුපියල් 130කටත් දෙනවා. කිලෝ 5 බැගින් ගන්න පුළුවන්. දෙසැම්බර් 31 වෙනකම් තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට සතොස දෙනවා. සීනි, පරිප්පු ආදිය.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More