ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ සංචිත ගැටලුව සම්බන්ධයෙන් හෙට (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව බව වාර්තා වේ.
ආණ්ඩුවේ 2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව හෙට පැවැත්වෙන්නේ පළමු කැබිනට් මණ්ඩල සාකච්ඡාව වන අතර මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද කැඳවීමට නියමිත බවද වාර්තා වේ.
අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳවද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගන්නා බව අවධාරණය කළේය.
කැබිනට් මණඩල සාකච්ඡාව සම්බන්ධයෙන් වාර්තා පල කළ සමහර වෙබ් අඩවි පවසා සිටියේ එම සාකච්ඡාවට පී බී ජයසුන්දර මහතාද කැඳවීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...