දේශීය පුවත්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ මතභේදාත්මක ගිවිසුම අධ්‍යයනයේදී ඉතා බරපතල කරුණක් ඉස්මතු වන බව විද්වත්හු පවසති. ගිවිසුම් ප්‍රකාරව පැන නගින ගැටලුමය තත්ත්වයන් සමථයකට ගෙනඒම සඳහා බලාත්මක වන්නේ එංගලන්ත නීතිය බව ඔවුහු පවසති.

ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (ආ වගන්තියේ දැක්වෙන්නේ ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතු බවයි.

13.3 වගන්තියට අනුව කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම, කොන්දේසි පිළිබඳ පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදන නොකළ යුතු බව දැක්වෙන බවද ඔවුහු පවසති.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට 40ක කොටස් අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 17වනදා අත්සන් තැබූ බව රජය නිවේදනය කඅළ අතර දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටියේ හෙළි නොකරන ලද එම ගිවිසුම හෙළි කරන ලෙසයි.

එවන් පසුබිමක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ගිවිසුමේ පිටපතක් ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More