දේශීය පුවත්

දේශපාලන කඹ ඇදීමෙන් උතුරු මැද පළාත් පාසල් සඳහා 2021 වසර සඳහා වෙන්කල මුදලහි  සංවර්ධන ප්‍රගතිය සීයට බිංදුවක් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටින්නේ තමන් ජීවත්වන පලාතේ අහිංසක දුවා දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනයක් බලාපොරොත්තුවෙන් මේ මුදල් ලබා දුන්නද නිළධාරිවාදය හා නිළධාරින්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මේ වන විට දුක් විදිනුයේ අහිංසක දරුවන් බවයි.

සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දුන් මුදල් හි 2021 වර්ෂයෙහි ප්‍රගතිය හා 2022 ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2021/12/08 දින උතුරු මැද පළාත් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකල රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“වර්ෂය අවසන් වනවිට කඩිමුඩියේ, කරන්නන්වාලේ මුදල් ටික වියදම් කරලා වැඩක් නැහැ. මේ වසරේ සැප්තැම්බර් මාසේ වෙන විටත් කිසිම මුදලක් වෙන් කරලා පාසල් සංවර්ධන වැඩසටහන් ආරම්භ කරලා නැහැ”

“ලෝක බැංකුව මඟින් අපේ අවශ්‍යතාවයට ලබා දෙන හැම මුදලක්ම අධාරයක් නොවෙයි. ඒ අය දෙන්නේ ණය. මේවා වසර 40 ක් 50ක් ගෙවන්න වෙනවා මේ රටේ ජනතාවට. ඒ නිසා මේ මුදල් නිකරුනේ නාස්ති කරන්න, විනාශ කරන්න නොදී ප්‍රයෝජනයට ගත යුතුයි. ඔවුනුත් ඒ මුදල් ලබා දෙන්නෙත් යම් සංවර්ධන ඉලක්ක ඇතිවයි”

“2021 වසරේ රුපියල් මිලියන 230 සඳහා සංවර්ධිත යෝජනා යොමු කරේ මහජනතාවගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ ඉල්ලීම් මතයි. සමහර පාසල් වල වහල කඩා වැටෙන්න ලඟයි. වහලය කඩා වැටිලා දරුවෙකුට අනතුරක් වුනොත් කව්ද ඒ වගකීම ගන්නේ. ඔය දෙපැත්තට කඹ අදින නිළධාරීන් ඒ වගකීම ගන්නවාද?”

“උතුරු මැද පළාත් අධ්‍යපන අධ්‍යක්ෂතුමාගේ වැරදි සහගත ක්‍රියාවන් නිසා තමයි මේ ප්‍රතිඵලය ඇතිවුනේ. අද ඒ අය මේ රැස්වීමට පැමිණ නැහැ. හිතුවක්කාරි ලෙස පසු ගිය කාලේ මුදල් වියදම් කලා”

“මම දෙවනි ලියන මහත්තයෙක් කරන වැඩේ කරන්නයි, ලියුම් අත්සන් කරන්නයි, මුදල් දීලා, උඩ බලාගෙන ඉන්නයි. ඒ ලබා දෙන හැම සතයක්ම ජනතා සුභසෙත වෙනුවෙන්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍යයයි”

යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More