දේශීය පුවත්

පොලිසියේ පිහිටුවා තිබෙන විශේෂ ඒකක අන්ත දූෂිත හොර ගුහාවල් බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරනවා.

එම ඒකක කටයුතු කරන්නේ හැම අතින්ම මුදල් ඉපයීමේ (WIN WIN) පදනමින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මත් කුඩු ප්‍රවර්ධනය

මෙරට මත්කුඩු ව්‍යාපාරය නතර කිරීමට නොහැකිව තිබෙන්නෙත් මෙම විශේෂ ඒකක වල දූෂිත ක්‍රියා පිළිවෙත නිසා බවයි ඔහු අනාවරණය කරන්නේ.

එම ඒකක වල සිටින පුද්ගලයින් නීති විරෝධී කටයුතු කරන විවිධ පාර්ශව වලින් මුදල් ගෙන එම පාර්ශවවලට විරුද්ධ පාර්ශව විනාස කරන බවද ඔහු සඳහන් කරනවා.

එක අතෙකින් එසේ කරද්දී අනිත් අතින් විනාශ කරන ලද පාර්ශව වලින් අත් අඩංගුවට ගන්නා නීති විරෝධී දෑ පෙන්නා එයින්ද ප්‍රතිලාභ ලබන බවයි ගුණරත්න මහතා හෙළිදරව් කරන්නේ.

පෑලියගොඩ පිහිටුවා තිබෙන විශේෂ පොලිස් ඒකකය ඊට හොඳම උදාහරණය ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂ කාර්ය බලකාය

මෙම විශේෂ ඒකක සියල්ල විසුරුවා හැර ඒ සියල්ල පොලිස්පතිවරයා යටතට ගත යුතු බව ඔහු සඳහන් කරනවා.

විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය මත්කුඩු ජාවාරම මර්ධනය කිරිම සම්බන්ධයෙන් දක්වන පිළිවෙත අගය කරන ගුණරත්න මහතා එම බලකාය කිසිදු භේදයකින් තොරව ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගන්නා බවද සඳහන් කරනවා.

හිටපු මධ්‍යම හා ඌව ආණ්ඩුකාරවරයාද වන මෛත්‍රී ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More