රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් ව ඇති අතර, ඩොලර් හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහස වී ඇත. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදු වන බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආර්ථිකය හා මූල්‍ය තත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම සඳහා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල යන මහත්වරුන්ද කැබිනට් රැස්වීමට කැඳවා ඇත.
රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් පමණ දක්වා අඩු වී ඇති අතර, එයින්ද ඩොලර් වශයෙන් ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,100ක් පමණ බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ලංකාවේ ආනයන වියදම සැලකිල්ලට ගත් විට මෙම ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සති දෙකක පමණ කාලයකට බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...