දේශීය පුවත්

2022 ජනවාරි 01 දිනයෙන් ආරම්භවී 2022 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට මෙලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ විසින් සිය අත්සන ඊයේ (10) දිනයේ තැබූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

මුදල් විසර්ජන පනත් කෙටුම්පත ඊයේ(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 64 ක් ලැබුණි.

ඒ අනුව ඊයේ දින සිට 2021 අංක 30 දරණ විසර්ජන පනත වශයෙන් මෙය බලාත්මක වේ.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය ඔක්තෝබර් 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතරර පසුගිය නොවැම්බර් 12වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ( අයවැය කථාව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

දින 7ක විවාදයක් පැවැත්වීමෙන් අනතුරුව නොවැම්බර් 22 වනදා දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

පසුව නොවැම්බර් 23 වනදා සිට ඊයේ දක්වා පැවති කාරක සභා අවස්ථාවේදී එක් එක් අමාත්‍යාංශවල වැය ශීර්ෂය විවාදයට ගැනීම හා සම්මත කිරීම සිදු විය.

මේ අනුව ඊයේ(10) දින තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සංශෝධන සහිතව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More