දේශීය පුවත්

ඊයේ(11) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ මතභේදාත්මක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේ, අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් ගතවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණද ගිවිසුම්ගතවී ඇත්තේ ඊට අනුබද්ධ වෙනත් සමාගමක් සමග බවයි.

පසුගිය සැප්තැම්බර් 17 වනදා කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමගමට පැවරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව රජය නිවේදනය කරණු ලැබීය.

කෙසේ වුඅවද අදාළ ගිවිසුම රජය හෙළි නොකිරීමත් සමග පාර්ශ්ව රැසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු ඉල්ලා සිටියද මුදල් අමාත්‍යාංශය එය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අනතුරුව පාර්ශ්ව රැසක් ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අදාළ ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (ආ වගන්තියේ දැක්වෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව එම ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතු බවයි.

එසේඅම ගිවිසුමේ 13.3 වගන්තියට අනුව සඳහන් වන්නේ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම් එහි කොන්දේසි පිළිබඳව පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදනයක් නොකළ යුතුය බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“මේ ගිවිසුම උසාවිය හරහා අපිට ලැබුණා. අපේ අතට පත්වෙච්ච ඒ ගිවිසුමේ තියෙන විදිහට රටේ තියෙන සියලුම බලාගාරවලට ළ්ණ්ඝ් සැපයීමේ ඒකාධිකාරය ඒ අයට ලැබෙනවා. පළමු අදියර සම්පූර්ණ වෙන්න ගිවිසුමේ තියෙන විදිහට ශ්‍රී ලංකා ළ්ණ්ඝ් ගෑස් යනුවෙන් ආයතනයක් හදන්න ඕනේ . ඒක රජය සතු සමාගමක්. ඒ සමාගමත් එක්ක නිව් ෆෝට්‍රස් සමාගම ගිවිසුමක් අත්සන් කරන්න ඕන. නිව් ෆෝට්‍රස් සමාගමට ළ්ණ්ඝ් සපයන්න දෙන බවට. ඒ ටික සම්පූර්ණ වුණාම තමයි අර අමෙරිකානු ඩොලර් මිලියන 250න් 187ක් ලැබෙන්නේ. දෙවැනි අදියරේ වැදගත්ම කාරණය තමයි ලංකාවේ සියලුම බලාගාරවලට ළ්ණ්ඝ් ලබාදීමේ ඒකාධිකාරය ලබාදිය යුතුයි. දෙවැනි අදියර සම්පූර්ණ වුණාම අමෙරිකානු ඩොලර් මිලියන 250ම ලැබෙනවා.දෙවැනි අදියර සම්පූර්ණ කරන්න බැරි වුණොත් මුලින් ලබාගත්ත අමෙරිකානු ඩොලර් මිලියන 187 නැවත ඒ අයට ලබාදෙන්න ඕන. මේක දූෂිත ගණුදෙනුවක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More