දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු බලධාරින් පිරිසක් සහභාගීත්වයෙන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) දින කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය පැවැත්විනි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද අතර එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු සහ කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම හා සබැඳි සියලු සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගිනි.

මෙහිදී අනාවරණය කරණු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනත් ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,

“අප කණ්ඩායමක් ලෙස එක්ව වසර 2 කට ආසන්න කාලයක් පුරාවට අපේ රටට බලපෑ ගෝලීය වසංගතය පාලනය කිරීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කණ්ඩායමක සාමාජිකයන් ලෙසයි. මෙම කාලපරිච්ඡේදය තුළ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ප්‍රධාන වශයෙන් අවස්ථා 03 කට සාර්ථකව මුහුණදීමට අපට හැකියාව ලැබුණා. රටේ පුරවැසියන් අදෘශ්‍යමාන තර්ජනයකින් ආරක්‍ෂා කරගැනීම සඳහා දැවැන්ත අභියෝග අපසතු වූවා. අපි ප්‍රධාන කමිටුව, විද්වත් මණ්ඩලය සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් ලෙස එක්ව මෙම වසංගතය පාලනය කිරීමට විවිධ සැලසුම් සහ ක්‍රම ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග සැකසීමට කටයුතු කළ අතර අභියෝග රැසක් මධ්‍යයේ වුවද රටේ ජනතාවට අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට කිසිදු අවස්ථාවක ඉඩකඩ ලබාදී නොමැත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය වෙතින් යෝජනා කරන ලද උපායමාර්ග සහ ක්‍රමෝපායන්හී ප්‍රතිඵලයක් ලෙස ඵලදායි ලෙස රෝගීන් කළමනාකරණය කිරීම, ආශ්‍රිතයින් හදුනා ගැනීම, නිරෝධායන ක්‍රියාවලිය මෙන්ම ජනතාවට එන්නත් ලබා දීම සහ සීමිත සීමාවන් කීහිපයකට යටත්ව සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීමට හැකියාව ලැබි ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලයට අනාගතයේදී වසංගතය පාලනය කිරීමේ කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, 2022 වර්ෂය වන විට කොවිඩ්-19 වෛරයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස ප්‍රවේශ වීමටත් හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයයි.

අද සිට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය තවත් දැවැන්ත ජාතික ක්‍රියාන්විතයකට දායක වන අතර 1906 ක්‍ෂණික ඇමතුම් අංකය සහ 1904 කෙටි පණිවුඩ සේවාව සමග ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගනු ලබන අතර ජාතික කර්තව්‍යය සඳහා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතුවලට නව දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වේ. අපි දැනටමත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අත්දැකීම් ලේඛනයකට සම්පාදනය කර ඇති අතර, එම ලේඛනයේ අවසාන පිටපත ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කීරීමට නියමිතව ඇත.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස මම ප්‍රධාන කමිටුවේ සාමාජිකයින්ට, ස්වාධීන විද්වත් මණ්ඩලයේ සාමාජිකයින්ට සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම්වල සාමාජිකයින්ට මෙන්ම වෛද්‍යවරුන්ට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් ලෙස ජාතියට ලබාදුන් අමිල දායකත්වය වෙනුවෙන් මගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම, විවිධ ආකාරයෙන් අපට සහය වීමට වෘත්තිකයන්, බුද්ධිමතුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සහ පුද්ගල කණ්ඩායම් ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒ සියළුදෙනාගේ දායකත්වය වෙනුවෙන් මා බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා.

අවසාන වශයෙන්, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත සහය වීමට වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, බුද්ධි අංශ සාමාජිකයින් ඇතුළු දේශහිතෛශී පුරවැසියන් දක්වන දායකත්වය සහ සහයෝගය මම බෙහෙවින් අගය කරමි. එමෙන්ම, මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට සියළුදෙනා එක්සේසත්ව කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිමි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More