දේශීය පුවත්

ලංකා විදුලිබල මන්ඩලයේ වෘත්තිය සමිති පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකරන බවයි.

එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බව ද එම වෘට්ත්තීය සමිති වැඩිදුරටත් පවසති.

මේ සම්බන්ධයෙන් ඊයේ(07) වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා,

“හෙට විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල, වැඩබිම්වලින් එළියට බැහැලා 11 වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය වෙත පැමිණෙනවා. අනතුරුව අපි දවල් 12ට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී. අනතුරුව තෙල් වරාය ඒකාබද්ධ සන්ධානය විදිය ට ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය ඒකාබද්ධ සන්ධානය විදියට අපි සන්දේශ තුනක් අරගෙන ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. විදුලිබල මණ්ඩල සේවකයෝ හෙට රට පුරා ලෙඩ නිවාඩු වාර්තා කරලා තමා කොළඹට එන්නේ. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති යැයි කියා ගන්නා සුබ සාධක සංගම් කිහිපයක් එකතු කරගෙන අද රාත්‍රියෙත් විවිධ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාමාර්ගය අඩපණ කිරීමට සුදානම් වෙනවා. අපි තාමත් වැඩවර්ජනයකට දින වකවානු තීරණය නොකළේ මේ රජය ජනතාව පීඩාවට පත්කරලා තියෙන නිසයි ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුවට කියනවා වහාම මේ ගිවිසුම ඉල්ලා අස්කර ගන්න ඕනේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More