විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විරෝධතා ගොනුකර ඇති බව වාර්තාවේ.
අදාළ අමාත්‍යවරු තිදෙනා මෙම විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ සිය නීතිඥවරුන් මාර්ගයෙනි.
යුගදනවි ගිවිසුමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජන බලවේගය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ත්බෙන අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇති උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනීසිට ඇති බව වාර්තාවේ.
අදාළ ගිවිසුමට එළඹීමේදී මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ බවත් එම කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමක් සිදුනොවු බවත් විමල්, වාසු හා ගම්මන්පිල යන අමාත්‍යවරු විසින් ගොනුකළ විරෝධතා වල සඳහන් කර ඇතැයි වාර්තාවේ.
යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමට ලබා දීමේ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම නීතියට පටහැනි බව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබේ.
ටෙන්ඩරය ලබාගත් ඇමෙරිකානු සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර අදාළ සමාගමට ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති බව පෙන්වා දෙන එම අමාත්‍යවරුන් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ද පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම් ලබන 16 සහ 17 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...