දේශීය පුවත්

උප්පැන්න සහතිකය නිකුත් කරන විට එයට තවත් වෙනසක් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව “ශ්‍රී ලංකා අනන්‍යතා අංකය” උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවෙකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය “උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත” අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

වයස අවුරුදු 15 සපිරුණු පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

2008 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග අනුව සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක් සඳහා ම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත්කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නිකුත් කිරීමට නියමිතය.

අනතුරුව එකී අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට කටයුතු කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More