දේශීය පුවත්

ආන්දෝලනාත්මක ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගයක් මෙරටට එවූ විනයේ ක්වින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 8ක මුදලක් ඉල්ලා මේ වන විට සිංගප්පූරුවේ බේරුම්කරණ ආයතනයක් හරහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

එම සමාගම් ආරංචි මාර්ගවලට අනුව ඔවුන් සිංගප්පූරු බේරුම්කරණ සමාගමේ මෙම වන්දි අයකර ගැනීම සඳහා ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර අදාල වන්දි මුදල කලම්බෝ කමර්ෂල් ෆර්ටිලයිසර්ස් සමාගම එනම් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.

මෙම බේරුම්කරණ විනිශ්චය සභාව සඳහා පත්කරන සාමාජිකයන් තිදෙනා අතරින් ශ්‍රී ලංකාව සහ චීනය අදාළ පාර්ශව වලින් සමාජිකයෙකු බැගින් පත් කරන ලෙස ඉල්ලා ඇත.

එම සමාගම සඳහන් කරන්නේ තම සමාගමෙන් පොහොර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සමාගම ගිවිසුම් කඩ කර ඇති අතර ඊට අදාළ මුදල් ගෙවිම ද පැහැර හැර ඇති බවයි.

මෙම ඩොලර් මිලියන 8 ක මුදලට නිෂ්පාදන ශාස්තු නැව් ගාස්තු සහ අදාල දත්තයන් සියල්ල ඇතුළත් කොට ඇති බව සඳහන් වේ.

මේ වන විට ශ්‍රී ලංකාව ආසන්නයේ දීන 50කට අධික කාලයක් ගතකළ පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වනවිට යළි ගමන් අරඹා ඇති අතර එම නැව දෙසැම්බර් 9 දින සිංගප්පූරු වරායට සේන්දු වීමට නියමිත බව සදහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More