දේශීය පුවත්

ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

වර්තමානය රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් නොමැතිව රට අගාධයට යමින් ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයන් මහජන නියෝජිතයන් මුණ නොගැසී නිරන්තර සාකච්චා නොපවත්වා කිසිම නායකයකුට රටක් පාලනය කළ නොහැකි බව ද එවිට මෙවන් අර්බුද මතු වීම නොවැළැක්විය හැකි බවත් ඔහු කියා සිටී.

නායකයන් පළමුකොටම අර්බුදවල ප‍්‍රශ්නවල ගැඹුර තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් අති බහුතරයක් අද වන විට ආණ්ඩුවෙන් ඈත්ව සිටින බවද පැවසූ ඔහු තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණු සෑම ආණ්ඩුවකට මෙවැනි තත්වයන්ට මුහුණ දී බලෙන් පහව ගිය බව ඉතිහාසය සාක්ෂි දරන බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More