දේශීය පුවත්

ඔමික්‍රෝන් කොවිඞ් විකෘති වෛරසය ආසාදිත බවට හඳුනාගත් මෙරට කාන්තාවට නිරෝධායන ආඥා පනත කඩ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම කාන්තාවගේ නිරෝධායන කාල සීමාව අවසන්වීමෙන් පසු 1897 අංක 3 දරන නිරෝධායන ආඥාපනතට අනුව ඇයටත් ඇය සම`ග සම්බන්ධතා පැවැත්වූවන්ටත් මෙලෙස නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එසේම මෙම කාන්තාව සහ ඇය පදිංචිව සිටි නිවාසවල පිරිස්ද එක්තරා ආගමික කණ්ඩායමක ආගමික මත දරන්නන් වීම නිසා ඔවුන් කිසිදු එන්නතක් නොගෙන මෙලෙස නයිජිරියාවට ගොස් ඇත්තේද ආගමික කටයුත්තකට බව උපුල් රෝහණ මහතා පවසයි.

එම කාන්තාව එන්නත් ලබා නොගෙන මෙරටින් පිටව ගොස් ඇතත් එම ගුවන් සමාගම ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බව තහවුරු වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. ඊයේ (06 දා) පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More