දේශීය පුවත්

මියන්මාරයේ හිටපු අගමැතිනි අවුන් සාන් සූකී මහත්මියට විශේෂ අධිකරණයක් මගින් වසර හතරක සිර දඬුවම්ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර හටපු අගමැතිනී අවුන් සාන් සූ කී මේ වන විට 76 වන වියේ පසුවන්නීය. ඇයට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර ඊයේ (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා පවසයි.

ඇයට එල්ලවූ චෝදනා වන්නේ ජනතාව නොසන්සුන් කිරීම සහ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීමයි. ඇයට එල්ල වී ඇති තවත් චෝදනා අතර රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදිය ද වන බව එරට මාධ්‍යය වාර්තා කර සිටී. යම් හෙයකින් ඇය එම සියලු චෝදනාවලට වරදකාරිය වුවහොත් ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව කියවේ.
කෙසේ වෙතත් තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඇය පවසන්නීය.

අවසන් වරට පසුගිය වසරේ පැවැත් වූ මියන්මාර මහ මැතිවරණයෙන් ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පහසු විශිෂ්ට ජයක් හිමි කර ගනු ලැබූ ඇතර පරාජයට පත් වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

කෙසේ වුවද පරාජිත දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ මහ මැතිවරණය දූෂිත බවයි. අනතුරුව සුකීගේ හමුදා ප්‍රධානියා මෙහෙය වූ හමුදා කුමන්ත්‍රණයක් මගින් ඇය අත් අඩංගුවට ගනු ලැබුවෙය. හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවූ බවත් ඒවා බලපත්‍ර නොතිබුණු උපකරණ බවත් හමුදා පාලනය පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More