දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව අද (06) දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය.

එම විරෝධතාවයෙන් අනතුරුව එම සංවිධාන නියෝජතයන් විසින් පකිස්ථාන තානාපතිවරයා මුණගැසී ලිපියක් බාරදෙනු ලැබීය. එම ලිපිය මගින් ඝාතනයට වගකිව යුතු සියළු අන්තවාදීන්ට නීතිය අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ මෙම සිද්ධිය මුල්කරගෙන ඉස්ලාම් අන්තවාදය පකිස්ථානයෙන් සහමුලින්ම අතුගාදැමීමට ක්‍රියාකරන ලෙස දැඩි ලෙස අවධාරණය කර ඇත. ඊට අමතරව ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට වන්දි ගෙවන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙම විරෝධතාවයට දේශප්‍රේමී විද්වත් සංසදය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඡාලය, ජාතික සංවිධාන එකමුතුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආදී ජාතික සංවිධාන 10ක නියෝජිතයන් සහභාගී විය.

අදාල විරෝධතා පුවරු මගින් මේ වන විට පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ගෙන ඇති පියවර අගය කරන අතර සමස්ථයක් ලෙස ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මෙතෙක් කාලයක් පියවර නොගැනීම පිළිබඳව අගමැතිවරයා විවේචනයට ද ලක්කර ඇත.

එම සංවිධාන විසින් තානාපති කාර්යාලය වෙත බාරදුන් ලිපිය පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More