දේශීය පුවත්

වැලිකඩ හිරගේ බද්දට දෙයි

December 6, 2021 9:30 am | Lanka Lead News

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත .

ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ .

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර ,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර,බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්,නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත .

මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත .

වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනිය ට ගෙන යාම ,මූලස්ථානය බත්තරමුල්ලේ ඉදි කිරීම සහ නිල නිවාස සංකීර්ණය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More