විදේශ පුවත්

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය කඩ කරමින් එම ආවරණයක් නොපැළඳ සාප්පුවකට ගිය ඩෙන්මාර්ක් අගමැතිනි මෙටේ ෆ්‍රෙඩරික්සන් හට බලධාරීන් විසින් දඩ මුදලක් නියම කර තිබේ.

‘පැතිර යන කොරෝනා වසංගතය හමුවේ සාප්පු ඇතුළු ඇතැම් ස්ථානවලට ඇතුළු වීමේදී හා පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමේදී මහජනතාව මුහුණු ආවරණයක් පැළඳීම ඩෙන්මාර්ක රජය විසින් ඉකුත් සතියේදී අනිවාර්ය කර තිබිණි. එම නීතිය හඳුන්වා දී දින හතරක් ගත වූ පසු ඉකුත් සිකුරාදා (03දා) දිනයේ ඩෙන්මාර්ක අගමැතිනිය විසින් එම නීතිය කඩ කරමින් මුහුණු ආවරණයක් නොපැළඳ සාප්පුවකට යන අයුරු වීඩියෝගත කර ‘එක්ස්ට‍්‍රා බ්ලැඩෙ’ පුවත්පත සිය වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන්

අගමැතිනියට මෙම දඩයට යටත්වීමට සිදුවිය. මුහුණු ආවරණයක් නොපැළඳ සාප්පුවකට යෑම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අගමැතිනි මෙටේ (04 දා) ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. මෙවැනි වරදක් ඕනෑම අයකු අතින් සිදුවිය හැකි වුවද තමා අතින් සිදු නොවිය යුත්තක් බව ඇය විසින් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More