දේශීය පුවත්

ගමෙන් පටන් ගමු යන වැඩසටහන ඊයේ(05) දින හැටන් නගරයෙන් අරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල ජාතික බලවේගයක් ගොඩ නැගිමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් විජිත හේරත් මන්ත්‍රිවරයා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More