දේශීය පුවත්

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර සිටී.

මෙම නිලධාරියා දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බවයි.

පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත චමල් රාජපක්ශ අමාත්‍යවරයා විසින් ඔහුට තදින් දෝෂාරෝපණය කිරීම ඔහුගේ ඉල්ලා අස්වීම කඩිනම් වීමට බලපාන ප්‍රධනතම හේතුව බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කර සිටී.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥ මහතෙකු පවසා සිටියේ ආර්ථික ඝාතක තීන්දු රැසකට මුල් වූ මෙම නිලධාරියා ඉහළ අධිකරණයෙන් දඬුවම් ලැබ රජයේ කිසිදු තනතුරක් නොදැරීමට සුදුස්සෙකු නොවන බවට තීන්දු කළ අයෙකු බවයි.

එම නීතිඥවරයාට අනුව වසර තිහක් තිස්සේ අදාල නිලධාරියා විසින් ගනු ලැබූ ආර්ථික ඝාතක තීන්දු හේතුවෙන් රට බංකොලොත් තත්වයට වැටී ඇති බවත් එලෙස රටවල් බංකොලොත් කිරීමට දායක වූ නිලධාරීන්ට ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර රටවල්වල දොරටු ඕනෑම මොහොතක විවර කර ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More