පකිස්ථානයේ සේවය කළ මෙරට ශ්‍රී ලාංකිකයෙකු පාකිස්තාන ජාතික ආගම් උන්මාදයෙන් පෙළෙන අන්තවාදීන් විසින් දෙනෝදහක් ඉදිරිපිට දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්දයෙන් බලවත් කණගාටුවට පත්වන බව මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කියා සටී.
අද (04) පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් ලබා දෙමින් මේ බව කියා සිටියේය.
හිමියන් කියා සිටියේ පකිස්ථානයේ සේවය කළ මෙරට ශ්‍රී ලාංකිකයෙකු පාකිස්තාන ජාතික ආගම් උන්මාදයෙන් පෙළෙන අන්තවාදීන් විසින් දෙනෝදහක් ඉදිරිපිට දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දමා ඇති අතර ,ඔබතුමා විසින් ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා දුන් රටක නීතියේ ආධිපත්‍යය පිහිටුවා ඇති බව පැවසෙන රටක එවැනි දෙයක් සිදු වීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව වන බවයි.
එසේම අපගේ රටේද බෞද්ධ පිළිම සහ සංකේත වලට කතෝලිකයන්ගේ පිළිම සහ සංකේත වලට මුස්ලිම් අන්තවාදීන් විසින් පහර දුන් පසු ඔවුන් අප රට වැසියන් විසින් නීතියට ඉදිරිපත් කළා මිස මෙවැනි පහත් ආකාරයට දෙනෝ දහසක් බලා සිටියදී මෙවැනි ම්ලේච්ඡ පහත් මනුෂ්‍යත්වයට නිගාදෙන ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹුණේ නැති බවත් මෙය කිසිසේත් මානුෂික හිතවාදී ලෝකයා පිළිනොගන්නා ම්ලේච්ඡ ඝාතනයක් වන අතර එය ඔබගේ රටේ කීර්තිනාමයට ද බලවත් කැළලක් වන බවට කියා සිටියහ.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වයට ද කැලලක් වන මේ දැඩි අවධානය යොමු කරවන අතර මෙයට සම්බන්ධ සියලු දෙනාට නීතිය මගින් දැඩි දඬුවම් පමුණුවා මිය ගිය ශ්‍රී ලාංකිකයාට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.
මෙරට වෙසෙන එම මියගිය තැනැත්තාගෙන් ළඟම ඥාතීන් ඔහුගේ වියෝවෙන් අසරණ වී ඇති බැවින් එම යැපෙන්නන් හට ද ඔවුන් ජීවත්ව සිටින තාක් සාධාරණ වන්දියක් ලබා දීමට කටයුතු කරන ලෙසද හිමියින් කියා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...