දේශීය පුවත්

හම්බන්තොට වරයාට එන දෙස් විදෙස් ආයෝජකයන්ට එකම ස්ථානයකින් සියලු පහසුකම් සැලසීමේ (සුහුරු) මධ්‍යස්ථානය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විවෘත කර ඇත.

රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවන් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය ස්ථාපනය කළ ආයෝජකයන්ට එකම ස්ථානයකදී කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් සහ අදාළ පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවසීය.

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතන ගිවිසුමකට අස්සන් තැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More