පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුල් වීමට උත්සහ දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා වෑන් රථයක පුපුරන ද්‍රව්‍ය පටවාගෙන ගුවන් තොටුපොළ භූමියට ඇතුලු වීමට උත්සහ දරා ඇති බව යි.
අදාළ වෑන් රථයෙහි පටවා තිබී ඇත්තේ පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය යි.
මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කිලෝ 25ක් පමණ වූ බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ගුවන්තොටුපොළ කුලී රථ රියැදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මොහු 65 හැවිරිදි අයෙක්.
කෙසේ වෙතත් අදාළ රියදුරා පවසා ඇත්තේ තමන් පැදවූ වෑන් රියෙහි හිමිකරු කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන ව්‍යාපාරිකයෙකු බව යි.
අදාළ ව්‍යාපාරිකයා බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක් මෙම වෑන් රථය මගින් රැගෙන ආ බව ඔහු පවසනවා.
මේ අතරතුර සිය ගමන් වාරය ආසන්න වීම නිසා තමන් කඩිනමින් වෑන් රථය ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවයි රියදුරා පවසන්නේ.
එබැවින් මෙම පොටෑසියම් පර්ක්ලෝරයිඩ් තොගය මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බව රියදුරු පෙන්වා දෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...