දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනපතිවරයා තවත් වගකීමක් භාර දී තිබෙනවා.

දැනට උසුලන කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ධුරයට අමතරව යුද හමුදාපතිවරයාට අලුතින් පිහිටුවීමට නියමිත හරිත
කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මූලිකත්වයද භාර දීමටයි ජනපතිවරයා තීරණය කර තිබෙන්නේ.

පොහොර සමාගම් ඒකාබද්ධ කිරීම එය පිහිටුවනු ලබන්නේ රජයේ පොහොර සමාගම් 2 ඒකාබද්ධ කොටයි.

එසේ ඒකාබද්ධ කොට ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස කටයුතු කිරීමේ වගකීම මෙම මධ්‍යස්ථානයට පැවරෙනවා.

පැවරෙන වගකීම නිසි කලට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම මෙම ක්‍රියාන්විතයට පැවරෙන ප්‍රධාන වගකීම වනවා.

ඊට අමතරව ගණ හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කිරීම සඳහා දිරි ගැන්වීමේ වගකීමක් යුද හමුදාපතිවරයා යටතේ ඇති මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පැවරෙන අනිකුත් වගකීමද වනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More