ප‍්‍රධාන පුවත්

පාකිස්තානයේ සියල්කොට් හි ක්‍රීඩා උපකරණ කම්හලක කළමනාකරුවෙකු ලෙසින් සේවය කල ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියෝදන ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන ජාතිකයෝ අතිශය කම්පාවට පත්වී සිටිති.

සාමාන්‍යයෙන් පාකිස්තාන වැසියන් ශ්‍රී ලාංකිකයින් සමඟ දැඩි මිත්‍රත්වයක් දක්වන අතර මැර කණ්ඩායම් විසින් ප්‍රියන්ත පහරදී මරා දැමීම ගැන කම්පාවට පත් ඇතැම් පාකිස්තාන වැසියෝ මේ කුරිරු අපරාධය ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව යැද තිබුණි.

ඉස්ලාමාබාද් නුවර පිහිටි Global Youth Association සංවිධානයේ සභාපති කාශිෆ් සහීර් (Kashif Zaheer) ට්විටර් ඔස්සේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයක් කරමින් “පකිස්තානු ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියෝදනගේ පවුලේ අයගෙන් මම සමාව අයදිනවා …” යනුවෙන් සඳහන් කර තිබුණේ දෙඅත් ඔසවා ආචාර කරන සංඥාවක් ද සමගිනි.

 

 

 

 

 

සිංහල භාෂාවෙන් මේ ට්විටර් පණිවුඩය නිකුත් කිරීම ඔහු කෙතරම් සංවේදී වී තිබෙන්නේ ද යන්න පිළිබඳ කදිම ඉඟියක් සපයන්නකි.

AR Khan නම් තවත් පාකිස්තාන වැසියෙකුත් දැඩි කනගාටුව පළකරමින් කියා තිබුණේ ඉස්ලාම් ධර්මය හෝ පාකිස්තානය යනු මෙවැන්නක් නොවන බව.

 

 

 

 

ඝාතනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් අනුගමනය කරන පාකිස්තාන බලධාරීන්ද මේ වනවිට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයා පුලුස්සා දැමූ සිකුරාදා සිය ජාතිය අවඥාවට ලක් කළ දිනයක් ලෙසින් හඳුන්වන අගමැති ඉම්රාන් ඛාන්, වැරදිකරුවන් සියලු දෙනාට නීතිය ප්‍රකාර උපරිම දඬුවම් දෙන බවට සපත කොට තිබිණ.

 

 

 

 

දේශපාලනඥයකුගේ සුපුරුදු ප්‍රතිඥාවක් ලෙසින් ඇතැමුන් ඒ ප්‍රකාශය ගැන සැක පහළ කොට තිබුණ ද මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මැර කණ්ඩායම මෙහෙයවූ නායකයා ද අත්අඩංගුවට ගෙන තිබෙන බවය.

මේ අතර අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක් ට්විටර් පණිවුඩයක දැක්වුණේ ශ්‍රී ලංකාවේ නම් අපරාධකරුවන්ට මේ අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බව ඇඟවෙන සටහනකි.

 

 

 

 

 

ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමට හේතුව ගැන විවිධ වාර්තා පළවන අතර, එය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට ද වාර්තාවල දැක්වේ. මේ අතර ට්විටර් ජාලයේ අදහස් දක්වන ඇතැමුන් පවසන්නේ එයට හේතුව කම්හලේ අභ්‍යන්තර ආරාවුලක් බවය.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයිනුත් ඝාතනය හෙලා දකිමින් ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව යැද තිබුණි.

ඇමෙරිකා එකසත් ජනපදයේ වෙසෙන සොරායා ඩීන් ට්විටර් පණිවුඩයකින් පවසන්නේ, “ඉස්ලාමීයවාදය නම් පිළිකාවට” එරෙහිව මුස්ලිම් කාන්තාවන් නිරන්තරයෙන් හඬ නගන බව.

 

 

 

 

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධාන එකමුතුවේ සභාපති ෂකීර් නවාස් ද මේ කුරිරු අපරාධය දැඩිව හෙලා දැක තිබිණ.

 

 

 

 

 

 

(BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් පිටුවෙන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More