පාකිස්ථානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවිය ඊයේ(03) වාර්තා කර සිටියේ පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇති බවයි.
මේ අතර සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් එම වෙබ් අඩවියට අදහස දක්වමින් පවසා ඇත්තේ මෙලෙස අවාසනාවන්ත ලෙසින් ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රියන්ත කුමාර නමැති පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු සියල්කොට්හි පදිංචිව සිටි අයකු බවත්ය.
ප්‍රියන්ත කුමාර මහතා සියල්කොට් නගරයේ වසිරාබාද් පාරේදී මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහු සේවය කළ පෞද්ගලික කර්මාන්තශාලා සේවකයන් ඔහුට පහර දී ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවද වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටී.
කෙසේ වුවද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිටුපස ඇති අරමුණ පිළිබඳව පක්සිථාන පන්ජාබ් පොලිසිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.
පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් මෙම ඝාතනය ගැන අවධානය යොමු කරමින් කියා සිටියේ මෙය ඉතා ඛේදජනක සිදුවීමක් බවත් , සිද්ධිය සම්බන්ධයෙන් සෑම අංශයක්ම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට පන්ජාබ් පොලිසීයට නියෝග කර ඇති බවත්ය.
මේ අතර සියල්කොට් පොලිසියේ මාධ්‍යය ප්‍රකාශකයා පවසා ඇත්තේ අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශනයෙන් පසු තොරතුරු මාධ්‍ය සමඟ බෙදා ගන්නා බවත්ය .
Yet another heart wrenching incident it the name of religion as a Srilankan manager of a leading industry (RAJCO) in #Sialkot was brutally beaten and later burnt to death by violent mob over alleged #Blasphemy.. pic.twitter.com/8EaBSEqAwH
— Abdul Rehman sh (@maneesheikh) December 3, 2021
With chants of 'gustakh-e-nabi ki ek hi saza, sar tan se juda sar tan se juda', fanatics in Pakistan have burnt a man alive after accusing him of blasphemy. The victim was a Sri Lankan pic.twitter.com/7S2FDMRTzw
— Swati Goel Sharma (@swati_gs) December 3, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...