ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පෙරේදා (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හැර සෙසු අය මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිට ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත. සාකච්ඡාව ආරම්භයේදීම හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු කර ඇත්තේ ඉකුත්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳවය. “අපේ සමහර අය මම දෙන උපදෙස් පිළිපදින්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නෙ. ජනතාව අපි වටා එකතුවෙන කොට අපි පෞද්ගලික දේවල් මුල්කර ගෙන ප්‍රශ්න ඇති කරනවා. ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ නෑ. අපිට තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ හැමෝම සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළන්නයි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒක අපි කලින් දැන ගන්න ඕනේ.” යැයිද රාජපක්ෂ මහතා මෙහිදී දැඩි ස්වරයකින් ප්‍රකාශ කර ඇත.
අවසානයේ නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කනගාටු වෙමින් ඉදිරියේදී රට පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ල.නි.ප 16 දෙනාද එක්කර ගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසගෙන ඇත.
Lakbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...