කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතියට අනුව කළ හැකි බවට උපදෙස් ලබා දීම හරහා නීතිපතිවරයා සිදුකර තිබෙන්නේ මනුෂ්‍ය ඝාතනය සඳහා අනුබල දීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කරමින් නීතිපතිවරයාගේ තීරණයට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
කොවිඩ් වෛරසය සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සිදු කරන ප්‍රතිකර්ම හා කොවිඩ් එන්නතෙන් ශරීරයට සිදුවන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන නීතිපතිවරයා එන්නත් අනිවාර්ය කළ හැකි බවට උපදෙස් ලබා දී ඇති බව පෙන්වා දෙන නීතිඥවරයා පවසන්නේ එය ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි බවයි.
මේ හරහා නීතිපතිවරයා සිය ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැර ඇති බැවින් නීතිපතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අරුණ ලක්සිරි මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම
1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.
2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.
3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.
4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.
මෙයට,
විශ්වාසී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...