දේශීය පුවත්

නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට වෑයම් කරන පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් විසඳීමක් ලබාදීමට උතුරු පළාත් ආණ්ඩුකාරයා

අසමත් වූ බවට චෝදනා එල්ල වී තිබේ.

යාපනය මාදගල් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශයේ ඔප්පු සතු ඉඩම් හිමියන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ජාවේදී ස්ථිර විසදුමක් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා විසින් ඉදිරි පත් නොකළ බව ප්‍රදේශයේ මාධ්‍යවේදීහු පවසති.

දැනට ඉඩම් ඔප්පු නොමැති, සැලකිය යුතු කාලයක් ඒවායේ පදිංචි වී සිටී අය ගැන ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කරන බව ආණ්ඩුකාර ත්‍යාගරාජා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී 1වෙනිදා පැවති විරෝධතාවයේදී මාදගල් ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ තම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට නාවික හමුදාව දරන උත්හසාහයන්ට ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ත් සහාය පළ කරන බවයි.

”නාවික හමුදාවට ඉඩම් පවරා ගන්න මම සහාය දෙන්නේ නැහැ. මේක මාධ්‍ය මගින් කළ විකෘති කතාවක්,” යැයි එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඊයේ [2] දිනයේ ඔහු අවධාරණය කළේය.

ඉඩම් පවරා ගැනිම වෙනුවෙන් මැනීමේ කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට බාධා පමුණුවන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ආණ්ඩුකාර වරයා සිදු කර තිබෙන ප්‍රකාශයක් ඔහුට එම චෝදනාව එල්ල වීමට හේතු වූ බව ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.

මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරයද හොබවන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ය.

මේ සතියේ ආරම්භක දින දෙක තුලදී යාපනයේ, මාදගල් නැගෙනහිර හා බටහිර ප්‍රදේශයන්හි ස්ථාන තුනක දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරු උත්සාහයන් සියල්ල සාර්ථක නොවුයේ ප්‍රදේශයේ දේශපාලනඥයන් සමග මාදගල් ජනයා දැක්වූ විරෝධය හේතුවෙනි.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම ගැන පසුගිය සමයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More