මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජ වල මිල නියාමනය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ජාතික බීජ සභාවට උපදෙස් ලබාදී තිබේ.
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50ක් රුපියල් 5000ත් 6000ත් අතර මුදලකට අලෙවිකර ගොවියන් සූරාකන බවට තොරතුරු ලැබී ඇති බව ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදි තොරතුරු පදනම් කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති ගොවිපල සියල්ල බීජ නිෂ්පාදනයට යොදාගැනීමට ද එහිදි තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරනු ලැබීය.
රට තුළ ඇති බීජවල තත්වය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ ප්‍රමාණය ,දේශීය බීජ නිෂ්පාදනය 50%කින් වැඩි කර ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළු කරුණු 12ක් පිළිබඳ සවිස්තර වාර්තාවක් තමාට ලබාදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදි උපදෙස් ලබාදී තිබේ.
ජාතික බීජ සභාව වසර 05කට රැස්ව ඇත්තේ දෙවතාවක් බව මෙහිදි අනාවරණය වීම හේතුවෙන් සෑම මසකට වරක් බීජ සභාව රැස්වීය යුතු බවට අමාත්‍යවරයා එහිදි නියෝග කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...