ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.
ආයෝජන මණ්ඩලයේ සභාපති වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් මෙසේ ඉල්ලා අස්විඇති අතර ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත (02) යවා ඇතැයිද වාර්තා වේ .
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරී රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදාචෝදනා එල්ල විය .
එම කටයුතුවලින් රජය අපහසුතාවට පත්වූ පත් බව සදහන් කරමින් මෙම සාමාජිකයන් තිදෙනා ඉල්ලා අස්වි ඇතැයිද දැනගන්නට තිබේ .
මෙ අතර ,ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට භාරදීම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, අද මණ්ඩලයේ සේවකයන් 1100ක් පමණ පිරිසෙන් අටසිය පනස් දෙනකු පමණ ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත වන අතර, ඉතිරි දෙදෙනාගෙන් තවත් අයකු අද (03)දිනයේ දී අස් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද පැවසේ .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...